Friday, April 17, 2015

ගඟක් වෙනුවෙන් වහල්කම් කල මිනිහෙක්

මේකත් සාමාන්‍ය දැනුම සමූහයෙන්. ටිකක් එඩිට් කරන්න වුනා මෙතනට ගන්න.

මෙය රටක දේශසීමාවෙන් ඇතුලට ඇවිත් රට මැද්දෙන් ගලාගෙන යන අතිවිශාල ගංගාවකි. හැබැයි එහි මූලය කිසිවෙක් නොදනියි. කඳු අතර ගැඹුරු නිම්නයකින් ඔබ්බට කිසිත් නොපෙනේ. අසල්වැසි දේශයක් හරහා ද වෙනත් විශාල ගංගාවක් ගලා යන බවට දැන ගන්නට ලැබේ. මෙම ගංගා දෙකම එකක්ද යන්න ගැටලුවකි. ඒ දෙක අතර පෙදෙස කොහෙත්ම ගවේෂණයට අපහසු ඉතා විශාල පෙදෙසකි.

ගැටලුව විසඳන්නට නම් අල්ලපු රටට ගොස් එහි ඇති ගඟෙහි පරීක්ෂණයක් කල යුතුය. එහෙත් ගංගාව හිමි භූමියේ පාලකයින්ට තම රටට ඇතුළු වීමට අල්ලපු රටේ මිනිස්සු ඉඩ දෙන්නේ නැත. මෙහිදී උපකාරයට එන්නේ මිනුම් ආයතනයේ සේවකයෙකි. ඔහු මේ සඳහා මෙහෙකරුවෙකු ලෙස වෙස්වලාගෙන පරීක්ෂණය කරන අරමුණින් අල්ලපු රටට යයි.

මෙහෙකරු වෙසින් ගිය ඔහුව ඔහුගේ ස්වාමියා ලෙස රඟපෑ මිනිසා වහලෙකු ලෙස විකිණීය. කාලයක් වහල්කම් කර කෙසේ හෝ මේ අබග්ගයෙන් ගැලවී අවසානයේ ඔහු තම ගමනේ ඉලක්කය සපුරා ගනියි.

අවාසනාවකට මේ මිනිසා පර්යේෂණය කරන විට ඔහුගේ ඉහල නිලධාරින් සියල්ල අතහැර දමා ගොසිනි. ඔහුගේ පර්යේෂණය සාර්ථක නොවේ. ගංගාවේ රහස හෙළිවන්නේ තවත් දශක ගණනකිනි.

1. මූලය සොයා ගන්නට උත්සහ කල ගංගාවේ නම කුමක්ද?

2. මේ අවංක හා සේවයට කැපවූ මිනිසා කවුද?

3. අනතුරුදායක ලෙස වෙස්වලාගෙන ඔහු ගිය රට කුමක්ද?

--------------------------------------------------------------------------------------------------------------

බ්‍රහ්මපුත්‍ර ගඟ තමයි කතාවේ මූලය. අද බංග්ලාදේශය හා ඉන්දියාව දෙරටට අයිති බ්‍රිතාන්‍ය ඉන්දීය කලාපයේ උන්නු ඉංග්‍රීසින් මේ  ගඟේ  මූලය  මොකද්ද  කියා ගවේෂණය  කරන්න උත්සහ  කළා. බ්‍රහ්මපුත්‍රගඟ දිගේ ඉහළට ගියාම ඔවුන් දුටුවේ කොහෙත්ම ඇතුළුවීමට අපහසු කඳුකර කලාපයක්. ඊට තරමක් දුරින් ටිබෙට් දේශය දිගේ විශාල ගංගාවක් ගලනවා Yarlung Tsangpo 
කියලා (ටිබෙට්: යාර් ලූන් ත්සන්පෝ, චීන: යාලු ශන්බු, කෙටියෙන් සන්පෝ ගඟ ලෙස ප්‍රකටයි) . 

බ්‍රිතාන්‍යයින් සැක කරනවා ගංගා දෙකම එකක් කියා. එහෙත් ගංගාවේ මුල සොයා ගිය බ්‍රිතාන්‍යයින් දැක්කේ ගැඹුරු කැනියන් එකක සැඟවෙන බවයි. ගඟදිගේ ඉහලට යන්න බැරිතරම් ඒ කලාපය අසීරු කලාපයක්. කැනියන් එක තියෙන්නේ ටිබෙටය තුල.

ඊ ගාව ඔප්ෂන් එක ටිබෙට් පැත්තෙන් පරීක්ෂණයක් හැටියට යමක් දාලා පහලින් එනවද බලන එක. නමුත් බ්‍රිතාන්‍ය ජාතිකයින් මේ කාලේ ටිබෙටය ආක්‍රමණය කරන නිසා ටිබෙට් අය ඔවුන්ට එන්න දෙන්නේ නැහැ. 
කැනියන් එක දක්වා ටිබෙටය දිගේ ගිය ගමනත් රහසිගත හා අනතුරුදායක මෙහෙයුමක්.

මේ වෙලාවේ ඉදිරිපත් වෙන්නේ සර්වේ දෙපාර්තමේන්තුවේ සේවය කල කින්තප් නම් සිකීම් ජාතිකයෙක් [නේපාලය ටිබෙටය හා භූතානය මැද තියෙන ඉන්දියාවට  අයිති සිකීම් වල මිනිස්සු පෙනුමෙන් තරමක් ටිබෙට් වගේ] කින්තප් මේ අනතුරුදායක වැඩේට සහභාගී වන්නේ හුදෙක් රාජකාරිය දේවකාරියක් සේ සලකන නිසාද, එහෙමත් නැතිනම් ඇත්තෙන්ම සත්‍යය සොයා ගන්න ඔහුට ඇති ගවේෂණ වුවමනාව නිසාද දන්නේ නැහැ. ගඟ දිගේ ඉහලට ගිය පළමු රහසිගත කණ්ඩායමේ සාමාජිකයෙක් කින්තප්.

බ්‍රිතාන්‍යයින් දෙවැනි ටිබෙට් මෙහෙයුමට කින්තප් ඇතුළු කරන්නේ චීන/ටිබෙට් ලාමා කෙනෙකුගේ සේවකයා හැටියට. මෙහෙයුමේ අරමුණ තමා විශේෂ සලකුණු යෙදු ලී කොට 500 ක් ගඟට දැමීම. ඒවා කලෙක්ට් කරන්න පහලින් වෙන ටීම් එකක් සෙට් වෙලා ඉන්නේ.

ඒත් ලාමා වරයා ඔහුව වහලෙක්/ප්‍රවේණිදාසයෙක් සේ විකුණා දානවා. වෙන ගැලවීමක් නොවූ තැන කින්තප් වසරක් පමණ වහල් සේවය කරනවා. සේවය හොඳ නිසා වැටුප් ලබන සේවකයෙකු ලෙස උසස් වීමක් ලබා තමන්ට හිමි පළමු නිවාඩුව ලබාගන්න මේ මිනිසා ඒ නිවාඩුව යොදා ගන්නේ අදාළ පර්යේෂනය වෙනුවෙන්.

පරීක්ෂණය ගැන ටිබෙටයේ ලාසාවෙන් එවන ලිපිය අතුරුදහන් වෙනවා. මෙහෙයුම කල බ්‍රිතාන්‍ය නිලධාරියා එතකොට ඉන්දියාවෙන් නික්ම ගොසින්. ඒ වෙද්දී කලෙක්ෂන් ටීම් එකත් අකුලා ගෙන ගිහින්. ඒ  මහන්සිය  සම්පුර්ණයෙන්ම "වතුරේ".

ඊට පස්සේ කින්තප් තව කාලයක් ටිබෙට් ලාමා ආරාමයකට අනුයුක්තව ආගමික ගමන් යන මුවාවෙන් ගඟ දිගේ කැනියන් එක අස්සේ යමින් තමාම නිර්ණය කරගන්නවා මේ ගංගා දෙක එකක් කියලා. ටිබෙටයෙන් පැන ගන්න ලැබෙන අවස්තාව යොදාගෙන ඉන්දියාවට එන ඔහු තම පර්යේෂණ ගැන ප්‍රසිද්ධ කලත් බ්‍රිතාන්‍ය භූ විද්‍යාඥයින් ඒවා නිවැරදි දත්ත ලෙස බාරගන්නේ නැහැ. තව වසර තිහකින් විතර තමා හොයා ගන්නේ ඇත්තෙන්ම ඒ බ්‍රහ්මපුත්‍ර ගංගාව කියලා. ඒත් ඒ වෙද්දී කින්තප්ට කිසිම ගරු නම්බුවක් ලැබෙන්නේ නැහැ.

මේ විකියෙන්  ගත්තු කින්තප් ගේ  පින්තුරයක්. මෙහෙයුමෙන්
 කාලෙකට  පස්සේ  ගත්ත  එකක්.




මීටර  තුන්දාහකට  වඩා ඉහලින්  ගලා එන සන්පෝ  ගඟ  පහල  බ්‍රහ්මපුත්‍ර  ගංගාවට සම්බන්ධ කරන  යාලු ශන්බු කැනියන්  එක ලෝකයේ  දිගම කැනියන් එකයි  එය  කොලරාඩෝ  ගංගාව හදන  ග්‍රෑන්ඩ්  කැනියන්  එකට  වඩා  ගොඩක්  ලොකුයි. යන්න අමාරු  තැනක්  නිසා ප්‍රකට  නැහැ. පහත පින්තුරේ  ගත්තේ  මෙතනින්Yaruzampbo-Grand-Canyon


ඒ වගේම ලෝකයේ  අධිකම  වර්ෂාපතනයක්  ලබන  කලාපයක වතුර  බස්සන විශාලම කඳු  පද්ධතියෙන් 90% කට  වඩා  වටේට ආවරණය  කරන සන්පෝ-බ්‍රහ්මපුත්‍ර-ජමුනා-ගංගා-යමුනා-පද්මා-මෙග්නා ගංගා පද්ධතිය  පුදුමාකාර  තැනක්.  බංග්ලාදේශයට මෙතරම් ගංවතුර ගලන එක  පුදුම  වෙන්න  කිසිම හේතුවක්  නොවේ.

පහත පින්තුරය හදා ගත්තේ  විකියෙන්  බාගත්ත එකකින්




පසු එකතුවක්:කින්තප්  ගැන  කීප  වතාවක්  විස්තර  හෙව්වත්  වැඩි  විස්තරයක්  තිබ්බේ  නැහැ.  අද  වාසනාවට  මේ  ලින්ක්  එක  ලැබුනා.  එය  ලැබුනේ  පෝස්ට්  එක  ලිව්වට  පස්සේ  නිසා,  මම  මේ  ගැන  ලියා තියෙන්නේ  බොහොම  කෙටි  සටහනක්  බව  ඒත්තු  ගියා.  කින්තප් ට පෙරත්  මේ  වගේ රහසිගත  මෙහෙයුම්  වලට  මිනිස්සු  යවපු  හැටි  එහි  කියන්නේ  මේ  ආකාරයට.

"The British, therefore, sent trained undercover agents with Mongoloid features to Tibet on espionage missions, their mandate being to gather as much knowledge of the region as possible. These “spies” were taught to speak the Tibetan language as also undertake basic survey work using improvised techniques and equipment, and record them as concisely as possible to aid memory. For instance, their normal disguise was that of a Tibetan lama; their prayer wheels each carried a prismatic compass hidden inside it, as also rolls of paper to keep notes. Instead of the 108 beads required by Tibetan tradition, their rosaries had only 100, so that they could easily count paces while thumbing the rosary beads!"

මම මේ  සටහන  වැඩිදුර  කියවන්න  මෙතන  දානවා.


The doughty little Sikkimese


9 comments:

  1. මාර දැනුමක්.. ඉතා වැදගත්... දිගට ම මේ දැනුම බෙදමු

    ReplyDelete
  2. අපරාදෙ අතින් කාල හරක් බලල. දැන්වත් මේ මනුස්සයට අදාල ගෞරවය ලැබෙනවද?

    ReplyDelete
    Replies
    1. දන්නා තරමින් සිකීමයේ වත් පිලිමයක්වත් නැහැ. සුද්දෙක් ඕක කලානම් අද ඔය ගඟ හෝ කැනියන් එකට දාන්නේ ඒ සුද්දගේ නම.

      Delete
  3. පින්තූරේ දැක්කම හිතෙන්නේ ගඟ කැනියන් එක වටේ දෙපැත්තට ගලනව කියල.. මාරම ලස්සනයි.. ගඟත් ඒගැන දැක්වුණු කරුණු ඇතුලත් කතාවත් දෙකම..
    ///සුද්දෙක් ඕක කලානම් අද ඔය ගඟ හෝ කැනියන් එකට දාන්නේ ඒ සුද්දගේ නම// ++++++++++++++

    ReplyDelete
  4. කින්තප් ගැන කීප වතාවක් විස්තර හෙව්වත් වැඩි විස්තරයක් තිබ්බේ නැහැ. අද වාසනාවට මේ ලින්ක් එක ලැබුනා. එය ලැබුනේ පෝස්ට් එක ලිව්වට පස්සේ නිසා, මම මේ ගැන ලියා තියෙන්නේ බොහොම කෙටි සටහනක් බව ඒත්තු ගියා. කින්තප් ට පෙරත් මේ වගේ රහසිගත මෙහෙයුම් වලට මිනිස්සු යවපු හැටි එහි තියෙනවා. මම මේ සටහන කැමති කෙනෙකුට කියවන්න මෙතන දානවා.

    The doughty little Sikkimese

    ReplyDelete
  5. අන්න කැපවීම.ඒත් පහත් තැනින් කෙතරම් කැපවීමක් උනත් තෙරුමක් නෑ උඩ තැන් වලින් ඒ දේ වෙන්නෙ නැත්තම් කියන්න මේක හොඳ උදාහරණයක්.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. කැපවීම ඉක්මවා ගිය ගවේෂණ ඇම්මක් මේ මනුස්සයාගේ තියෙනවද මන්දා. මොකද ඔය මම පස්සේ එකතු කල ලින්ක් එකේ හැටියට හින්දු පුරාණ කතාවල බ්‍රහ්මපුත්‍ර ගඟ ටිබෙටයෙන් ගලන බවට කියවෙනවලු. බ්‍රිට්ටෝ ඒක පිළිගත්තේ නැහැල්ලු. ඉතින් මෙතන පොඩි සෙන්සිටිවිටි එකකුත් තියෙනවා.

      Delete